ඊයේ දිනයේ ආසාදිතයින් තවත් ඉහළට
නව කොරෝනා අසාදිතයින් 1,864 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 259,089 ක් දක්වා ඉහළ ගියා.
නව ආසාදිතයින් අතරින් 1,786 දෙනෙකු අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 78 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.
එසේම, පසුගිය 29 වැනිදා සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 47 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කළා. කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණයක් වාර්තා වනවා.
අවුරුදු 30 ත්, 59 ත් අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 12 ක්. එසේම, අවුරුදු 60 ඉක්ම වූ පුද්ගල මරණ සංඛ්‍යාව 34 ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3,077 ක්.
ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 2,481 ක් සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 225,952 දක්වා ඉහළ යනවා.
මේ අතර, බස්නාහිර පළාතේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අද දිනයේත් සිදු කෙරෙනවා. ඒ අනුව, කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සංවිධානය කරන මධ්‍යස්ථාන තුළදී මෙන්ම එම දිස්ත්‍රික්කයන් හි රෝහල්වලද එම එන්නත් ලබාදීමට කටයුතු යොදනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |