එකවර කොරෝනා ප්‍රභේද 02ක් ආසාදනය වීමේ අවදානමක්..ආසාදිත පළමු කත මිය යයි..

World Covid alerts Beljiame
By Aruna Jul 11, 2021 04:30 AM GMT
Report

කොරෝනා ප්‍රභේද දෙකක් එකවර ආසාදනය විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.

ඒ ඇල්ෆා සහ බීටා කොරෝනා ප්‍රභේද ආසාදිත 90 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවක් මියයෑමත් සමඟයි.

එකවර ප්‍රභේද දෙකක් ආසාදනය වූවෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත්තේ පළමු වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස ප්‍රභේද දෙකක් ආසාදනය වීමෙන් ඇති විය හැකි තත්ත්වය පිළිබඳ පර්යේෂණ ක්‍රියාත්මක බවයි බෙල්ජියම් විශේෂඥ කණ්ඩායමක් ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now