තැබෑරුමකින් සහ ඉන්ධන පිරවුම් හලකින් කොරෝනා මතුවෙයි.

Covid Hatton Bar Petrol station
By Aruna Jul 05, 2021 03:55 AM GMT
Aruna

Aruna

Report

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් නොර්වුඩ් නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක , මත්පැන් අලෙවිසැලක සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ඉන්ධන පිරවුම්හල, මත්පැන් අලෙවිසැල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව නොර්වුඩ් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

නොර්වුඩ් ප්‍රදේශයෙන් කොවිඩ් මරණ දෙකක් වාර්තා විමත් සමග සිදු කරන ලද අහඹු පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයේ 12 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

තාවකාලිකව වසා දැමු ඉන්ධන පිරවුම්හලේ , මත්පැන් අලෙවිසැලේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු සේවකයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත්,එම ඉන්ධන පිරවුම්හල , මත්පැන් අලෙවිසැල විෂබිජහරණය කර වෙනත් සේවකයින් යොදවා විවෘත කිරිමට උපදෙස් ලබාදුන් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

එම අසාදිතයන් දෙදෙනාට අමතරව නොර්වුඩ් ජනපදයෙන් ,නොර්වුඩ් නගරයෙන් , නොර්වුඩ් අයර්බි සහ පොට්රි යන වතු වලින් අසාදිතයන් 10 දෙනෙකු හමු වු බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now