ඉදිරි කාලය ඉතාමත් අවධානම්..සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක්.

Covid Corona Sri Lanka PHI
By Aruna Jul 02, 2021 05:47 AM GMT
Aruna

Aruna

Report

වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව කරුණු 03 ක් මත ඉදිරි කාලය ඉතාමත්ම අවදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.

සති අන්තයේ සංචරණ සීමා පනවන්නැයි ඉල්ලීමක් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග මහජනතාව වගකීමකින් තොරව ගමන් – බිමන් යාම, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම ඉන් ප්‍රධාන වන බවද ඔහු සඳහන් කරයි.

You may like this video


එමෙන්ම පළාත් අතර සංචරන සීමා පනවා ඇති බව ප්‍රකාශ කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බරපතළ තත්ත්වයක් බවද ඔහු කියා සිටී.

නීති – රීති පැනවීම තුළින් පමණක් කිසිදු පාලනයක් කළ නොහැකි බවත්, බලධාරීන් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී අනිටු පළ විපාක විඳින්නට සිදුවන බවද උපුල් රෝහණ සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් මෘත දේහ බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති චක්‍ර ලේඛණයද ඉතාමත්ම අහිතකර බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

එම චක්‍ර ලේඛනයට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියකින් තොරව කොවිඩ් මෘත දේහ මුදා හැරීම තුළින් සමාජය දැඩි අනතුරු දායක තත්ත්වයකට පත්විය හැකි බවද සභාපතිවරයා සඳහන් කරයි.

පසුගිය අවුරුදු උත්සව සමයේදී ඉදිරි අනතුරු දායක තත්ත්වය සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත්, බලධාරීන් මෙන්ම මහජනතාවද නෑසූ කන්ව සිටීමේ ප්‍රතිඵලය වර්තමානයේදී අපට භුක්ති විඳින්නට සිදුවී ඇති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now