මෙරට විහාරස්ථානයකින් කොරෝනා පොකුරක් මතු වෙයි...ගිහියනුත් ඒ අතර..

Covid Galle Religion Wadduwa Tempal
By Aruna Jun 30, 2021 06:29 AM GMT
Aruna

Aruna

Report

වාද්දූව දෙල්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 26 නමකට සහ ගිහියන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

විහාරස්ථානයේ වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත ජූනි 28 වන දා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ස්වාමීන් වහන්සේලා පස්දෙනෙකුට හා ගිහි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඉන් අනතුරුව එම විහාරස්ථානයේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ 83ක දී ස්වාමීන් වහන්සේලා 21නමකට සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇතැයි අනාවරණය වී ඇත.

කොරෝනා ආසාදිත ස්වාමින් වහන්සේලා අතර විහාරාධිපති හිමියන්, පැවිදි වීමට සිටි කුඩා දරුවෙක්, විහාරස්ථානයේ සිටි ගිහි පුද්ගලයෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් ද සිටින බව අප වාර්තාකරු පැවසීය.

වාද්දූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ, කොරෝනා ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිනි පුද්ගලයින් ඊයේ (29) රාත්‍රියේ ම ශ්‍රී ලංකා යුද හමුදා බස්රථයකින් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now