මෙරට කොරෝනා මරණ වාර්තා කිරීමේ වෙනසක්.(VIDEO)

Sri Lanka Asela gunawardhana Covid corona deaths
By Aruna Jun 14, 2021 06:45 AM GMT
Aruna

Aruna

Report

මින් ඉදිරිය කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මීට ප්‍රථමව වාර්තා කළ පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරණු ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, "මීට ප්‍රථම අපි විසින් දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ.

නමුත් අපි අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී වාර්තා වන ලෙසයි.

ඒ අනුව දිනයක් ඇතුළත සිදුවෙන සියලුම මරණ වාර්තා කරන්න අපි දැන් ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.

ඒ අනුව පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේදී අපි වාර්තා කරන්න කටයුතු කරනවා."

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව මෙලෙස අදහස් දැක්වුවා.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now