25 සංචරණ සීමා ඉවත් කිරීමක් නෑ...හමුදාපති දැනුම් දෙයි..

Shavendra Silva
By Aruna May 23, 2021 07:30 AM GMT
Report

පවතින සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ විසිපස් වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදුනොවන බවයි.

එදිනට විවෘත කරනු ලබන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන පමණි.

අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය මිලට ගැනීමට එදින නිවසකින් බැහැර යාමට අවසර ඇත්තේ එක් අයෙකුට පමණක් බවද ඔහු සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


Gallery