සෙව්වන්දිගේ නමින් බැංකු ගිණුම් තොගයක් - ඔක්කොම හොයලා වාර්තාවක් අධිකරණයට දෙන්නයි නියෝග

Report

ගණේමුල්ල සංජීව නමත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දිගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(21) දින කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇත.

ඒ අනුව සිද්ධියට අඳාළව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිට්යේ සිද්ධියට අඳාළ මෙම සැකකාරිය සම්බන්ධයෙන් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අවසර ලබා දෙන ලෙසත් ය.

දින 180ට පසු ඉෂාරා සෙව්වන්දිට තවත් දින 30කට රැඳවුම් නියෝග

දින 180ට පසු ඉෂාරා සෙව්වන්දිට තවත් දින 30කට රැඳවුම් නියෝග

ඒ අනුව මෙම නියෝගය සිද්ධියට අඳාළ නඩුව අද අධිකරණයේ කැඳවු අවස්ථාවේදි නියෝග කර තිබුණා.

මේ අතර සිද්ධියට අඳාළ පහළොස්වන සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනවලදී ඇය විසින් පුද්ගලික බැංකුවක ගිණුමක් පවත්වා ගෙන ගොස් තිබු බව සඳහන්.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකාරිය සහ ඇගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇත.

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

ඩයනා ගමගේගේ නඩුව කල් යයි

ඩයනා ගමගේගේ නඩුව කල් යයි