නාමල්ගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්

Namal Rajapaksa Law and Order Court of Appeal of Sri Lanka Sinhala news gagana news
By Mithu Aug 07, 2025 05:55 AM GMT
Mithu

Mithu

Report

පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන නාමල් රාජපක්ෂ මහතා  අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 15 ක මුදලක් එන්. ආර් කන්සල්ටන්සි නමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව චෝදනා  ඉදිරිපත් කර  තිබේ.

ඒ අනුව එම පැමිණිල්ල යළි ලබන ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම පැමිණිල්ල අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම විමර්ශනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

ඒ අනුව පැමිණිල්ල යළි ජනවාරි මස 29 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් සම්බන්ධයෙන් සිහිකැඳවීම් යොමු කිරීමටත් නියෝග කළාය.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම පැමිණිල්ල ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා

සමාජ මාධ්‍ය කළඹපු අශේන් සේනාරත්නගේ පුංචි කැදැල්ලට ආපු චූටි පැටියා

ReeCha