මෙන්න වැඩක් පාකිස්ථානු යුද නැව් දෙකක් කොළඹ වරායට ඇවිත්
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘පීඑන්එස් තායිමූර්’ (‘PNS TAIMUR’) සහ ‘පීඑන්එස් ඇස්ලැට්’ (‘PNS ASLAT’) යන යුද නෞකාවන් ද්විත්වය සුහද සංචාරයක් සඳහා අද (12) කොළඹ වරායට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
වරාය පරිශ්‍රයට පැමිණි එම නෞකා නාවික හමුදා සම්ප්‍රදායානුකුලව ගෞරව සහිතව පිළිගත් බව ද ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
මෙම සංචාරය සඳහා පැමිණි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නියාමත් සයීඩ් ඛාන් (NIAMAT SAEED KHAN) කටයුතු කරන අතර, ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් නදීර් මතීන් අෆ්රිඩි (NADIR MATEEN AFRIDI) කටයුතු කරනු ලබයි.
නාවික හමුදාව සඳහන් කරන්නේ දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදුවන බවයි.