බඩඉරිඟු ආනයනයට නව විධිමත් ක්‍රමවේදයක්

Report

 සත්ත්ව ආහාර සහ ත්‍රිපෝෂ නිෂ්පාදනය හා මිනිස් පරිභෝජනය යන කාර්යයන් සඳහා බඩඉරිඟු යොදා ගැනෙන අතර දේශීයව නිෂ්පාදනය කෙරෙන බඩඉරිඟු ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් බඩඉරිඟු ආනයනය කිරීමට සිදුව ඇත.

කෙසේ වුවද පසුගිය කාලවකවානුවලදී ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු මතු වීම හේතුවෙන් බඩඉරිඟු ආනයනය සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට 2025-12-15 සහ 2025-12-22 යන දිනයන්හි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී තීරණය කර තිබේ.

   ඒ අනුව ඉදිරියේදී දේශීය බඩඉරිඟු මිල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන කමිටුවක් විසින් තීරණය කිරීමටත් දේශීය බඩඉරිඟු අස්වැන්න වෙළෙඳපොළට නොලැබෙන කාලසීමාවන්වලදී දේශීය බඩඉරිඟු ගොවීන්ට අගතියක් නොවන පරිදි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සත්ත්ව ආහාර නිෂ්පාදකයින් හා සත්ත්ව ආහාර ආනයනකරුවන් මගින් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දේශීය වශයෙන් සපයාගත නොහැකි බඩඉරිඟු ප්‍රමාණය පමණක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. 

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

ජනතාවගේ සියලු රටවල ආරක්ෂාව තහවුරු කරන්න නාමල් ඉල්ලයි

ජනතාවගේ සියලු රටවල ආරක්ෂාව තහවුරු කරන්න නාමල් ඉල්ලයි