ජාතික ආරක්‍ෂාව ගැන ස්ථාවරයි ආරක්ෂක ලේකම් සපථ වෙයි

Report

ජාතික ආරක්ෂාව ස්ථාවරව පවතින බවත් මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බවත් ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

මොහු මේ බව සඳහන්කළේ චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමිනි. හැමදාමත් වෙඩි හුවමාරු සිදුවීමත් සමඟම ජනතාව තුළ ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් මතුවී තිබේ.

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

නමුත් පාතාලය කිසිවිටෙකත් ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධ නොවන දෙයක් බවත් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරමින් තිබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

"ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ. ඔයාට අද මෙතෙනට එන්න පුළුවන් වුණානේ කිසිම කරදයක් නැතුව. පාතාලය කියන්නේ, ජාතික ආරක්ෂාවට කෙලින්ම සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. ඒක මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාලනය කරනවා.

ජාතික ආරක්ෂාවට අවශ්‍ය කරන, පොලීසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබාදෙනවා. ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. පාතාලය කැලඹිලා තියෙනවා. පාතාලය කැලඹෙන්න ඕනේ.

අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

අලි මදිවට කොටිත් රක්ෂිතයේ කොටියෙක් මරා හම අරන් යයි

මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා පාතාලය කැලඹිලා. පාතාල ක්‍රියාකාරකම්වල නියැලෙන අය අත්අඩංගුවට පත්වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊට නීතිමය රාමුව තුළ සීමාවන් තුළ අපි ලබාදෙනවා."

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්

අවුරුදු 18ට අඩු ළමුන්ට රජයෙන් නොමිලේ ලැබෙන දේ මෙන්න -මේක නම් නියම වැඩක්