යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Report

යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන මෙන් ඉල්ලා අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමට අද(6) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සංවිධානය අඳාළ පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ ඔවුන් අයථා දේපළ අත්පත් කර ගැනීමක් සිදුකර ඇති බවටයි.

එසේම ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇති බව සඳහන්.

එල්ල වන මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා - එක්සත් ජාතික පක්ෂයෙන් රටටම දැනුම්දීමක්

එල්ල වන මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා - එක්සත් ජාතික පක්ෂයෙන් රටටම දැනුම්දීමක්

එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සඳහන් කරන ආකාරයට, දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි 'කෙලී ගෲප්' වතුයායට අයත් අක්කර 135ක තේ ඉඩමක් සහ 1918 වසරේ ඉදිකරන ලද අක්කර භාගයක පමණ වපසරියකින් යුත් බංගලාවක් මෙසේ අත්පත් කරගෙන තිබෙන බව සඳහන්.

එසේම මෙම දේපළ ගනුදෙනුව සඳහා 'ඔසාඩා ප්ලාන්ටේෂන්' නමැති සමාගමක් භාවිතා කර ඇති බවත්, එහි අධ්‍යක්ෂවරුන් ලෙස ඒ.එස්. රිෂාඩ්, එම්.එස්. මොහොමඩ් සාමි සහ එම්.එස්.එම්. රිෂාඩ් යන පුද්ගලයින් පෙනී සිටින බවත් ඔහු අනාවරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව, මියගිය පුද්ගලයෙකු වන අරුණ විධානගේ සහ නෙවිල් නමැති පුද්ගලයෙකු ඔස්සේ ද මෙම ගනුදෙනු සිදුව ඇති බවට අදාළ ලේඛන මඟින් තහවුරු වන බව ඔහු වැඩිදුරටත් පවසන බව සඳහන්.

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

හෙට උදේ සිට පැය 5ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා මණ්ඩලයෙන් නිවේදනයක්

ඒ අනුව කාමන්ත තුෂාර මහතා අවධාරණය කර ඇත්තේ, "මෙම දේපළ මිලදී ගැනීමට යෙදවූ මුදල් සොයාගත්තේ කොහෙන්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතුයි.මහජන මුදල් අවභාවිත කරමින් මෙලෙස දේපළ රැස්කර ඇත්නම්, ඒවා වහාම රජයට පවරා ගැනීමට කටයුතු කළ යුතුයි," යනුවෙන්.

එසේම මෙම පැමිණිල්ලට අදාළ සියලුම සමාගම් ලියාපදිංචි ලේඛන සහ අනෙකුත් සාක්ෂි අල්ලස් කොමිසම වෙත භාර දී ඇති බව ද ඔහු පැවසූ බව සඳහන්.

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න