ක්‍රිකට් ලොකු පුටුවේ වැඩ භාරගත් ඉරාන් තීරණාත්මක සාකච්ඡාවක

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ලෙස වැඩ භාර ගැනීම සදහා ඉරාන් වික්‍රමරත්න මහතා අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබේ.

එහිදී සිදුකළ ආගමික වතාවත්වලින් අනතුරුව ඉරාන් වික්‍රමරත්න මහතා ධුරයේ වැඩ භාරගන ඇති බව වාර්තා වේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මේ අතර ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනිය කමිටුවේ සභාපති ධුරය භාර ගනු ලැබුවේ පක්‍ෂය දැනුවත් කිරීමකින් තොරව බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ ක‍රයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගේ ප්‍රකාශය මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගේ ප්‍රකාශය මෙන්න