ඉන්දීය දියරය ,කැනඩා ඉන්හේලරය පරීක්ශාවට කමිටිවක්

sri lanka Pavithra wanniarachchi helth ministry
By Sithumi May 21, 2021 11:45 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් – 19 වෛරසය මැඩලීම සදහා ජාත්‍යතර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබදව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාගැනීමට හ ඇණවුම් කිරීමට අදාලව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් විශේෂඥ ද්‍යෛ කමිටුවක් පත් කරයි.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය –

“කොවිඩ්-19 වෛරසය ලෝකයට පැමිණ අවුරුද්දයි මාස 06 ක පමණ කාලයක් වනවා. මේ වෛරසය ලෝකය ආක්‍රමණය කළ මුල් කාලය වගේ නොවෙයි මේ සදහා ප්‍රතිකාර කිරීමට නව ඖෂධ වර්ග, නව ප්‍රතිකාර ක්‍රමවේද, නව එන්නත් වර්ගවල පර්යේෂණ කටයුතු වල අවසාන වකවානුවේ තිබෙන්නේ. එම නිසා ලෝකයේ කොහේ හෝ ස්ථානයක ජාත්‍යන්තර ඖෂධ නියාමන ක්‍රමවේදයන්ට අනුව මේවා නිපදවා තිබෙනවා නම් එ් පිළිබදව සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට විශේෂඥ වෛද්‍ය කමිටුවක් මා විසින් පත් කරනු ලැබුවා.” “එම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන වෛද්‍යවරු ඇතුලත් වෙනවා. මෙම කමිටුවෙන් ලබාදෙන නිර්දේශ අනුව කොවිඩ් රෝගය මර්දනය කිරිමට නිපදවනු ලබන ඖෂධ , නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇණවුම් කිරීමයි අප මෙයින් බලාපොරොත්තු වන්නේ.

මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ සායනික මට්ටමේ පවතින කැනඩාවේ නිපදවන ලද ඉන්හේලරයක්, ඒ වගේම ඉන්දියාව කොවිඩ් වෛරසය ප්‍රතිජනනය වීම වැළැක්වීම සදහා නිපදනවන ලද ඖෂධය, එමෙන්ම ඕස්ට්‍රෙිලියාවේ මේ සදහා නිපදවා ඇති ඖෂධය වැනි කාරණා පිළිබදව සොයා බලා වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ මෙම කමිටුවෙන් ඉතා ඉක්මණින් ලබාගැනීමත් අපි මෙයින් බලාපොරොත්තු වෙනවා.”

විරාජ් අබේසිංහ (මාධ්‍ය ලේකම්)

සෞඛ්‍ය අමාත්‍යාංශය