හසලක ගාමිණී විරුවාගේ 30 වන ගුණ සැමරුම අදට යෙදී තිබේ

bomb hasalaka gamini alimankada army mission lance copra
By Sewvandhi Jul 14, 2021 12:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට බේරාගැනීමට දිවිපිදූ හසලක ගාමිණී රණවිරුවාගේ 30වන ගුණ සැමරුම උත්සවය අදට (14) යෙදී තිබේ.

හසලක ගාමිණී පිළිරුව අභියස දී අද පෙරවරුවේ ඔහුගේ මෑණියන් වන, වයි. ජී ජුලියට් මාතාව සහ පවුලේ සාමාජිකයින්, සමීප හිතවතුන් පිරිසක් විසින් පුෂ්පෝපහාර දක්වමින් ඔහුව සිහි කිරීමට කටයුතු කර තිබුණි.

අලිමංකඩ යුද හමුදා කඳවුරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වු 1991 ජුලි 14 වැනිදා රණවිරු ගාමිණී කුලරත්න සිය ජිවිතය පුජා කරමින් අලිමංකඩ කඳවුර රැකගැනීමට කටයුතු කරනු ලැබීය.

ඔහු එහිදී දැක්වූ වීරත්වය නිසා අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය බෝම්බ පුරවාගත් යුද ටැංකි ප්‍රහාරය වැළකී ගිය අතර සහෝදර සෙබළුන් 1,500කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිවිය.

1966 සැප්තැම්බර් 22 වනදා හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් රණවිරු ගාමිණී කුලරත්න 6 දෙනෙකුගෙන් යුත් පවුලේ 2වැන්නා විය. සාමාන්‍ය සෙබලෙකු ලෙස හමුදා සේවයට එක්වූ ගාමිණී කුලරත්න මියයන තෙක් ලාන්ස් කෝප්‍රල්වරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

ඔහු දැක්වූ වීර ක්‍රියාව හේතුවෙන් පරම වීර විභූෂණ නාමයෙන් ද ඔහු පිදුම් ලැබීය. පසුව ඔහුව සිහිවීම පිණිස පිළිරූ දෙකක් ද ඉදිකරනු ලැබූ අතර ඉන් එකක් ඔහු දිවිපිදූ අලිමංකඩ හමුදා කඳවුර අසලත් අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ සහලක නගරයේත් ඉදිකර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha