බය වෙන්න එපා හෙට මේ පැති වලට වතුර කපන්නේ නැල්ලු

Report

හෙට (18) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක කාලයක් සදහා සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇති බව වාර්තා වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත්තේ අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බවයි.

රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සුභ පතයි

රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සුභ පතයි

එම නිසා අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සපයන ජලය අත්හිටුවීමට සිදුවන බව මින් පෙර දැනුම් දී තිබුණා.

නමුත් නැවත නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ මේ ප්‍රදේශ සදහා ජාල කප්පාදුව සිදු නොවන බවයි.

ජල සැපයුම අත්හිටු වීම සිදු නොවන ප්‍රදේශ :

*කොළඹ 01 සිට 15 දක්වා * බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් 1939 දුරකථන අංකයෙන් ඇමතුම් මධ්‍යස්ථානය අමතන්න.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක