ප්‍රදේශ රැසක පැය 21ක් ජලය කපා දැමේ...එම ප්‍රදේශ සියල්ල මෙන්න.
Water cut
Colombo city
Colombo 01
Colombo 02
Colombo 03
By Aruna
කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ.
මේ අනුව හෙට (10) පෙරවරු 09.00 සිට අනිද්දා (11) පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව මණ්ඩලය පවසයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන පරිදි කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීම සිදුවන අතර කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීම සිදුවෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
