කොළඹ - නුවර පාරේ වාහන ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය, ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කඩවත ප්‍රදේශයෙන් සීමා කෙරෙන බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගය එක් මංතීරුවක් වසා තැබෙන බවයි.
මෙම වසා දැමීම මාර්තු 15 දක්වා පවත්නා බව ද සඳහන් කරයි.
එම මාර්ග වසා දැමීම, කඩවත – මීරීගම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේ ඉදිකිරීම් හේතුවෙන් සිදුකෙරෙයි.
විකල්ප මාර්ගයක් ලෙස, කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා මාර්ගය භාවිත කළ හැකි බවද පොලිසිය නිවේදනය කරයි.