පොත් ප්‍රකාශකයින්ට බදු සහන දෙන බවට අගමැතිනියගෙන් පොරොන්දුවක්- කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද සිට
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙවර පොත් ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ.
ප්‍රදර්ශනය අද සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතය. ප්‍රදර්ශනය සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තැබීමට සංවිධායකයින් කටයුතු කර තිබේ.
අගමැතිතුමිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිතුමා පොරොන්දු වූ ආකාරයට ප්‍රකාශකයින් සඳහා බදු සහන ලබාදීමට කටයුතු කරන බවයි.
පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද එළැඹෙන අයවැය තුළින් යම් වෙනසක් කිරීමට උපරිම උත්සාහ ගන්නා බවත්, ඒ පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
"ජනාධිපතිතුමා කතාකරලා කිව්වාඋපරිම උත්සාහ ගන්නවා සහ හැකිවෙයි කියලා එළඹෙන අයවැය තුළින් පොත් වෙනුවෙන් දැනට පනවා තිබෙන වැට් බද්දට වෙනසක් කරන්න. ඒ බලාපොරොත්තුව දෙන්න කියලා කියන්න කිව්වා" යැයි ඇය පැවසීය.
මෙවර පොත් ප්‍රදර්ශනයනය වෙනුවෙන් පාඨකයින් සඳහා පහසුකම් සහ විශේෂ වට්ටම් ලබාදීමට සියලු ප්‍රකාශකයින් කටයුතු කර තිබේ
පාසල් උපකරණ පොත් පත් විශාල ප්‍රමාණයක් මෙහි ප්‍රදර්ශනයට සහ අලෙවියට යොදා ඇති බව වාර්තා වේ.