රත්තරන් වලට වඩා ගණන් උස්සන පොල් ගෙඩි..
වෙළදුන් පවසන්නේ, මේ වන විට පොල් මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බවයි.එයට හේතු වී ඇත්තේ මේ වන විට පවතින පොල් හිඟයයි.
මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 130-150 අතර මිලක පවතියි.
මේවන විට වෙළද පොළේ පොල් සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතියි.
මේ අතර, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා පවසන්නේ, පොල් තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ කතාබහක් මතුව ඇති බවයි.
එසේ පොල්තෙල් වල පිලිකා කාරක ලෙස පවතිනුයේ ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ යාම බවයි පවසන්නේ.
කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ, පොල් මද නිසියාකාරව වේලීම සිදු නොවීම හරහා එහි හටගන්නා දිලීර වර්ගයක් ඇෆ්ලටොක්සින් ලෙස හඳුන්වන බව පවසන අතර, එය පිළිකා කාරකයක් වනවා.
ඒ හේතුවෙන් හොඳින් වියළා පොල් තෙල් සිද ගැනීම සිදුකළ යුතු බවයි.