පොල් මිලේ ඉහළ යෑම දෙව්ලොවටත් දැනෙයි..සිදු වූ දේක තරම මෙන්න.

Sri Lanka Economy of Sri Lanka Businessman Political Development
By Aruna Oct 27, 2024 03:37 AM GMT
Aruna

Aruna

Report

පොල් මිල ගණන් ඉහළ යාමත් සමග දේවාල සහ කෝවිල්වලදී බැතිමතුන් විසින් සිය බාරහාර සඳහා පොල් ගැසීමත් අඩුවී ඇතැයි වාර්තා වනවා.

පොල් ගෙඩියක මිල මේ වනවිට රුපියල් 140ත් 170ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබීම මෙයට හේතුව බවයි පැවසෙන්නේ.

ඇතැම් සුප්‍රසිද්ධ දේවාල සහ කෝවිල්වලට බැතිමතුන් දිනකට පොල් ගෙඩි 100ත් 200ත් අතර ප්‍රමාණයක් රැගෙන විත් සිය බාරහාර කරන බව පැවසෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මන්ත්‍රීවරු 28 දෙනා 30ක් වූ හැටි මෙන්න..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මන්ත්‍රීවරු 28 දෙනා 30ක් වූ හැටි මෙන්න..


පොල් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දේවාල සහ කෝවිල් ආශ්‍රිත වෙළෙඳසල්වල පොල් ගෙඩි සහිත පූජා වට්ටිවල මිල ගණන්ද වැඩිකර ඇති බවයි තොරතුරු අනාවරණය වන්නේ.

මෙලෙස පොල් මිල ඉහළ යාම නිසා දේවාලවල බාරහාර ඔප්පු කිරීමට බැතිමතුන් දේවාල සහ කෝවිල්වලට රැගෙන යන පොල් ප්‍රමාණය ඉතා අඩුවී ඇති අතර, බැතිමතුන් රැගෙන යන පොල් බාරහාරවලින් පසුව පොල් කැබලි නැවත ඔවුන් රැගෙන යන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොල් ගෙඩියක මිල ඉහළ යාමත් සමග ඇතැම් වෙළෙඳසල්වල පොල් බෑය රුපියල් 80ක් වැනි මිලකට අලෙවි කරන බවද වාර්තා වේ.