උඹලට කරන්න දෙන්නෑ යකෝ මේක මම හිරේ ගිහින් හරි බොලාව ඇතුළට දානවා - නෙරපූ මාලිමා හිතවාදියෙක් සමූපකාරේ යකා නටයි

Report

බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ ජාතික ජන බලවේගය හිතවාදියෙකු කලහකාරී ආකාරයට හැසිරුණු පුවතක් වාර්තා වේ.

ඒ ඔහුව එහි අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් බව සඳහන්.

අඳාළ පුද්ගලයා එම සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධූරය දැරීමට නුසුදුසු බවට සමුපකාර කොමසාරිස්වරයක් දැනුම් දී තිබෙනවා.

ඩබ්ලිව්. ඒ. ප්‍රියාල් නිලන්ත නැමති අඳාළ පුද්ගලයා බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයට යථා පරිදී තේරී පත්වී නොමැති බව තීරණය කර ඇති බව කොමසාරිස්වරයා යොමු කළ ලිපියක සඳහන්.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරු

ඒ ඔහුගේ බිරිඳ එම සමූපකාර සමිතියේම ගණකාධිකවරියක් වශයෙන් සේවය කිරීම හේතුවෙන්.

එවැනි පසුබිමක පසුගියදා බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම පැවති විටක ඊට පැමිණි එම පුද්ගලයා මෙසේ කලහකාරී ලෙස හැසිර තිබුණා.

" කට්ට විදිහට ඔයා මම හදන තැනට ඇවිල්ලා තියෙන්නේ. මම හිරේ ගිහින් හරි බොලාව ඇතුළට දානවා. එහෙම නැති වුණොත් මම සුමනා ඇන්ටිගේ පුතා ප්‍රියාල් නෙවෙයි. දැන් මෙතන්ට එන්න ඕනේ ජාතික බලවේගය. නැති වුණොත් මෙන්න බැසිලා..."

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බේරුවල පොලිසියට ද පැමිණිල්ලක් ද සිදුකර ඇති බව වාර්තා වේ. 

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

WhatsApp ගැන භයානක අනතුරු ඇඟවීමක්

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්

මේ අයගේ ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ දැනුවත් කිරීමක්