වත්කම් බැරකම් ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට තවත් සහන කාලයක් - මේ දක්වා වලංගුයි

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ පවතින දැඩි තාක්ෂණික අවහිරතාවය හේතුවෙන් අද දිනයේදී සිය වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත පරිදි ඉදිරිපත් කිරීමට සම්පූර්ණයෙන්ම නොහැකි වන පුද්ගලයන් වෙනුවෙන් එළඹෙන ජුලි මස 7 වන දින රාත්‍රී 12 දක්වා එම වත්කම් බැරකම් ප්‍රකාශයන් සාර්ථකව ඉදිරිපත් කිරීමට විශේෂ අතිරේක කාල අවස්ථාවක් හිමිවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිල වශයෙන් පවසයි.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට නියමිතව සිටින ඉතාමත් විශාල පිරිසක් එකවර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට එකවර පිවිස සිය ප්‍රකාශයන් ඇතුළත් කිරීමට දැඩි ලෙස උත්සාහ කිරීම හේතුවෙන් මෙලෙස වෙබ් අඩවියේ පද්ධති පාලන සර්වර් සබඳතාවල යම් බිඳවැටීමක් සහ අවහිරතාවක් හදිසියේම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

මෙතෙක් ලබා දුන් මේ සහනාධාරය අහෝසි කරමින් පවුල් ලක්ෂ 4කට සහනාධාර කපයි

අද සහ හෙට වලංගු අතිවිශේෂ නිවේදනයක් - මුළු ලංකාවටම අනතුරු ඇගවීමක් සමඟ නිල නිවේදනයක්

අද සහ හෙට වලංගු අතිවිශේෂ නිවේදනයක් - මුළු ලංකාවටම අනතුරු ඇගවීමක් සමඟ නිල නිවේදනයක්