වෙනිසුවේලා මරණ 1,700 ඉක්මවයි - සහනාධාර ප්‍රමාදයට දැඩි විවේචන

Report

වෙනිසුවේලාහි ඇති වූ ද්විත්ව ප්‍රබල භූකම්පන හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,700 ඉක්මවා ඇති අතර, විපතට පත් ප්‍රදේශවලට රජයේ සහනාධාර ප්‍රමාදවී ඇති බවට ජනතාවගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

දින පහක් පුරා ක්‍රියාත්මක වන සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර, විනාශ වූ ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම 200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර තවත් සිය ගණනක් දැඩි ලෙස හානි වී ඇති බවද සඳහන් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 5,000කට ආසන්නය.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ දශක ගණනාවක් පුරා පැවති අඩු නඩත්තු කටයුතු, දුර්වල ඉදිකිරීම් නීති ක්‍රියාත්මක කිරීම සහ ගුණාත්මක නොවන බලපත්‍ර ක්‍රම හේතුවෙන් හානි ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.

කරාකාස් නගරයට බටහිරින් පිහිටි එල් ජුන්කිටෝ ප්‍රදේශයේ ජනතාව පවසන්නේ රජයේ නිලධාරීන්ගෙන් ලැබෙන සහාය ඉතා සීමිත බවත්, ආහාර සහ මූලික අවශ්‍යතා බොහෝ දුරට ප්‍රදේශවාසීන් විසින්ම සපයන බවත්ය.

වෙනිසියුලාවේ භූ කම්පනය ඛේදවාචකය - මියගිය ගණන එන්න එන්නම ඉහළට - අතුරුදහන් වූවන් හෝඩුවාවක්වත් නෑ

වෙනිසියුලාවේ භූ කම්පනය ඛේදවාචකය - මියගිය ගණන එන්න එන්නම ඉහළට - අතුරුදහන් වූවන් හෝඩුවාවක්වත් නෑ

“අපි උදව්, සුන්බුන් ඉවත් කිරීමට සහ පරීක්ෂා කිරීම් සඳහා බලා සිටිනවා,” යැයි ප්‍රදේශවාසී පැමිණිලි සම්බන්ධීකරණය කරන කෙයිලි ඉබරා සඳහන් කළාය.

තවත් පදිංචිකරුවෙකු වන ටෝනි අබ්‍රේව් පවසා ඇත්තේ තම නිවාස හා ව්‍යාපාර විනාශ වීම හේතුවෙන් ඔවුන් තාවකාලික කූඩාරම්වල ජීවත් වන බවයි.

මේ අතර, විපතට පත් ජනතාවට සහාය වීම සඳහා විපක්ෂ නායක මාරියා කොරිනා මචාඩෝ නැවත රටට පැමිණීමට උත්සාහ කරන බවත්, එහෙත් රජය විසින් ඇගේ ගමන අවහිර කර ඇති බවත් වාර්තා වේ.

අනතුරුව භූකම්පන හේතුවෙන් නිවාස නොමැති පුද්ගලයන් සඳහා තාවකාලික කඳවුරු සහ ආරක්ෂිත ස්ථාන රැසක් පිහිටුවා ඇති බව බලධාරීහු සඳහන් කරති.

එමෙන්ම විවිධ රටවල් 30කට ආසන්න ප්‍රමාණයක් වෙනිසුවේලාට සහනාධාර සහ සෙවීම් ගලවා ගැනීම් කණ්ඩායම් ලබාදී ඇති බවද වාර්තා වේ.

අදාල භූකම්පනවලින් තවමත් කොපමණ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටිනවාද යන්න නිශ්චිතව තහවුරු වී නොමැත.       

වෙනිසියුලාවේ භූකම්පනයෙන් 50,000ක් අතුරුදන් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම්

වෙනිසියුලාවේ භූකම්පනයෙන් 50,000ක් අතුරුදන් අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම්