ඔටුණු ගැලවීමේ සිදුවීමට සම්බන්ධ මෝස්තර නිරූපිකාවක් CID කැඳවයි..ප්‍රබල මාධ්‍යවේදියෙකු පිළිබඳ විමසයි (PHOTOS)

chulakshi mr sri lanka CId kirthi rathnayake
By Sewvandhi Oct 02, 2021 07:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෝස්තර නිරූපිකා චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය අද (02) පෙරවරු 9.30 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ, කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි මෝස්තර නිරූපිකා චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මිය පැවසුවේ.

ආන්දෝලනාත්මක Mrs. Sri Lanka තරඟාවලියේ අවසන් වටයේදී ඔටුන්න ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇතිබූ සිදුවීම පිළිබදව විස්තර දැනගැනීම සඳහා එම මාධ්‍යවේදියා දුරකතන මාර්ගයෙන් තමන් සමඟ කතාබහ කළ බවයි ඇය පැවසුවේ.

ඔහු පමණක් නොව එම කාලය තුළ දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් තමන් හට දුරකතනයෙන් කතාබහ කළ බවත් ඔවුන්ව කිසිසේත් පෞද්ගලිකව නොහඳුනන බවත් ඇය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha