ජේසු උපත සමරන අසිරිමත් නත්තල අදයි..ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්..
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25) දිනයට යෙදී තිබෙනවා.
ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත සැමරෙන අසිරිමත් නත්තල මධ්‍යම රාත්‍රීයේ උදා විය.
නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නය.
අද ලග්න කිහිපයකට හදිසි ධන ලාභ ගෙන එන දිනයක්..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..හැබැයි මේ ලග්න වලටනම් පාඩු පිට පාඩු.(VIDEO)
දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබේ.
සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ගැබ්ව තිබෙනවා.
සාමයේ කුමාරයාණෝ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට හා ගෞරවයට පාත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන් වාර්ෂිකව දෙසැම්බර් 25 වන දා නත්තල් උත්සවය සැමරීම සිදු කරනු ලබයි.
මේ අතර ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී සියලු දෙනා අදිටන් කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ.
ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, නත්තල් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි.
You May Like This Video