ලක්ෂ ගාණක් වටින විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Report

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 39 ලක්ෂ 15,000ක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා 35 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද අලුයම 12.50ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔහු රැගෙන ආ ගමන් මළු දෙකක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ දුම්වැටි 26,100ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ රේගු පරීක්ෂණයෙන් අනතුරුව, අදාළ දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගත් අතර සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත.

රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

ආණ්ඩුව ඉවරයි? කඩේ ගිය බව පිළිගන්න ගමන් තවත් ආණ්ඩුව හෝදන් නැති බවට සමාජ මාධ්‍ය කළඹමින් නිර්මාල්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව ඉවරයි? කඩේ ගිය බව පිළිගන්න ගමන් තවත් ආණ්ඩුව හෝදන් නැති බවට සමාජ මාධ්‍ය කළඹමින් නිර්මාල්ගෙන් ප්‍රකාශයක්

අවුරුදු සමයේ අරක්කු බීලත් හමාරයි - මෙන්න හේතුව

අවුරුදු සමයේ අරක්කු බීලත් හමාරයි - මෙන්න හේතුව