ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ලබා දී තිබූ දින දාහතරක කාලසීමාව අවසන් වන අවසන් මොහොතේදී, එනම් ඊයේ (10) දිනයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් සහ බැරකම් දැක්වෙන දිවුරුම් ප්‍රකාශයක් කොමිසමට භාර දී ඇති බව වාර්තා විය.
එහෙත් ලද තොරතුරු අනුව වාර්තා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය බවට හිටපු ජනාධිපතිවරයා නීතිඥයෙකු මාර්ගයෙන් දැනුම් දී ඇති බවයි.
එසේම ඔහු පවසා අත්තේ අතීතයට අයත් දේපොළ පිළිබඳ නිවැරදි දත්ත රැස්කිරීමට සැලකිය යුතු කාලයක් වැයවන බැවින් මෙම සහනය අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලීම ඉදිරිපත් කළද, ඒ වෙනුවෙන් කොපමණ අතිරේක කාලයක් අවශ්‍යද යන්න නිශ්චිතව සඳහන් කර නොමැති බව සඳහන්.
එනිසා එම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව පිළිබඳව කොමිසමේ ඉහළ නිලධාරීන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින අතර, එහි අවසන් තීරණය ඉදිරියේදී ඔහු වෙත දැනුම් දීමට නියමිත බව වාර්තා වේ.
ඉකුත් 2010 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් සතු වූ වත්කම් පිළිබඳ තොරතුරු ලබාදෙන මෙන් කොමිසම මීට පෙර නියෝග කර තිබෙනවා.
අඳාළ ක්‍රියාවලිය 2015 වර්ෂයේදී ආරම්භ කරන ලද විශේෂ පරීක්ෂණයක දිගුවක් ලෙස ක්‍රියාත්මක වෙන බව සඳහන්.
ආණ්ඩුව ඉවරයි? කඩේ ගිය බව පිළිගන්න ගමන් තවත් ආණ්ඩුව හෝදන් නැති බවට සමාජ මාධ්‍ය කළඹමින් නිර්මාල්ගෙන් ප්‍රකාශයක්