අවුරුදු සමයේ අරක්කු බීලත් හමාරයි - මෙන්න හේතුව

Report

උත්සව සමය ඉලක්ක කරගනිමින් කොළඹ අවට සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා විදෙස් මත්පැන් තොගයක් සිය භාරයට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම විදෙස් මත්පැන් තොගය සොයාගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකි වී ඇත.

සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

සජබයේ වෙනසක් පක්ෂය ගත් අලුත් තීරණය මෙන්න

උත්සව සමයේ සිදුවන නීතිවිරෝධී මත්පැන් ජාවාරම් මැඩලීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම සිදුකර තිබේ.

අදාළ මත්පැන් තොගය මෙරටට ගෙන්වීමේදී නිසි ප්‍රමිතීන්ට අනුකූලව සහ නීත්‍යානුකූල බලපත්‍ර යටතේ ගෙන්වා ඇත්ද යන්න පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ විෂය ක්ෂේත්‍රවල ඉගෙන ගන්න සිසුන්ට සුබම සුබ ආරංචියක්

මේ විෂය ක්ෂේත්‍රවල ඉගෙන ගන්න සිසුන්ට සුබම සුබ ආරංචියක්

අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.