ආණ්ඩුව ඉවරයි? කඩේ ගිය බව පිළිගන්න ගමන් තවත් ආණ්ඩුව හෝදන් නැති බවට සමාජ මාධ්‍ය කළඹමින් නිර්මාල්ගෙන් ප්‍රකාශයක්[VIDEO]
ගල් අඟුරු ආනයනය පිළිබඳ මෑතකදී නිකුත් වූ විගණන වාර්තාවත් සමඟ ආණ්ඩුව ආරක්ෂා කිරීමට තමන් මෙතෙක් දැරූ ස්ථාවරය අත්හැරීමට සිදුව ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ මීට පෙර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම ගනුදෙනුවේ සැක සහිත තැන් පිළිබඳව ආණ්ඩුවට වාසිදායක ලෙස කරුණු දැක්වූවද, විගණන වාර්තාව මඟින් අනාවරණය කර ඇති කරුණු හමුවේ තවදුරටත් එම "සේදීමේ" ක්‍රියාවලිය සිදු කළ නොහැකි බවයි.
ඒ අනුව එම විගණන වාර්තාව මඟින් ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී, විශේෂයෙන්ම ටෙන්ඩර් පටිපාටිය සහ සමාගම් තෝරා ගැනීම සම්බන්ධයෙන් බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බවට තහවුරු වී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
එසේම ඔහු පවසන්නේ සාමාන්‍යයෙන් මෙවැනි විශාල ගනුදෙනුවලදී සිදුවිය හැකි අතපසුවීම්වලට වඩා එහා ගිය, කිසියම් පාර්ශවයකට අයතා ලාභ ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ මැදිහත්වීමක් හෝ හැසිරවීමක් මෙහි පවතින බවට සැක කළ හැකි බවයි.
එමෙන්ම මෙතෙක් කල් ආණ්ඩුවට සැකයේ වාසිය ලබා දෙමින් කටයුතු කළ ද, මෙම නිල වාර්තාව නිකුත් වීමත් සමඟ තමන් මෙතැන් සිට ආණ්ඩුව සැක කරන බවත්, විවේචනාත්මක ආස්ථානයක සිට කරුණු දක්වන බවත් ඔහු පවසා ඇත.
මෙම වංචනික ක්‍රියාවලිය හමුවේ ආණ්ඩුවේ විශ්වසනීයත්වය බරපතළ ලෙස ප්රශ්නකාරී වී ඇති බව ඔහුගේ මතයයි. අඳාළ ගනුදෙනුවේ අවසාන වගකීම විෂයභාර ඇමතිවරයා, කැබිනට් මණ්ඩලය සහ එහි ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා භාරගත යුතු බව මහාචාර්ය දේවසිරි පෙන්වා දෙන අතර විශේෂයෙන්ම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අධීක්ෂණය කිරීමට අපොහොසත් වීම හෝ වංචනික අභිලාෂයන් පැවතීම යන කරුණු දෙක මතම විදුලිබල ඇමතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු හෝ ඔහුව ඉවත් කළ යුතු බව ද අවධාරණය කර ඇත.
මින් පෙරද අදාළ ඇමතිවරයාට එරෙහිව මෙවැනි චෝදනා පැවතීම තත්ත්වය තවත් බරපතළ කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. ඊට අමතරව ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් මෙම සිද්ධිය තමන්ගේ පැරණි දූෂිත ප්රතිරූපයන් සෝදා පිරිසිදු කර ගැනීමට අවස්ථාවක් කරගෙන ඇති බවටද මහාචාර්යවරයා මෙහිදී චෝදනා කර ඇත.
එහිදී ඔහු කියා සිටියේ දූෂිත යැයි චෝදනා ලැබූ හිටපු පාලකයින් සහ නිලධාරීන් දැන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ම "විශුද්ධිකරණය" කර ගැනීමට උත්සාහ කරන බවයි.
එබැවින් ඔහු පවසන්නේ, මෙම ගල් අඟුරු වංචාව හරහා සිදුව ඇති පාඩුවේ වින්දිතයා මහජනතාව බැවින් පාරදෘශ්‍ය පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් හෙළිදරව් කිරීමේ සහ ජනතා සැකය දුරු කිරීමේ සම්පූර්ණ බෝලය දැන් ඇත්තේ ආණ්ඩුව අතේ බවයි.