ගිරාදුරුකෝට්ටේ දරුණු අනතුරක් - කාන්තාවක් මරුට
ගිරාඳුරුකෝට්ටේ - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඉන් ත්‍රීරෝද රථය පදවාගෙන ගිය කාන්තාව බරපතළ තුවාල ලබා රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවකි. අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථයේ හය දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් වවුනියාවේ සිට දියතලාව යුද හමුදා කඳවුරේ පැවැත්වෙන විසිරයාමේ උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටි පිරිසක් බව වාර්තා වේ.
වෑන් රථයේ සිටි කිසිවෙකුටත් අනතුරින් හානි සිදුව නොමැති අතර එහි රියදුරු ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ කොමිසමට භාර දුන්න මහින්දගේ දිවුරුම් ප්‍රකාශය ගැන ආන්දෝලනයක්? රට කළඹපු වත්කම් කියන්න තව කල් ඉල්ලයි?
අවාසනාවන්ත තත්ත්වය වන්නේ, පසුගිය දින 04 තුළ පමණක් ගිරාඳුරුකෝට්ටේ - දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ රිය අනතුරු 04ක් වාර්තා වී තිබීමයි.
එම අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.