රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක් ගෙදර යවන්න සියල්ල සූදානම් - හේතුව මෙන්න
විවිධ බරපතළ චෝදනා එල්ල වී ඇති රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක එම තනතුරින් නුදුරේදීම ඉවත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇය ඉවත් කිරීම සඳහා අවශ්‍ය විශේෂ යෝජනාවක් අනුමත කර ගැනීමට ද මේ වන විට රජයේ අවධානය යොමුව තිබේ.
අදාළ නිලධාරිනිය සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගැනීමට නියමිතය. රජයේ ප්‍රතිපත්තිමය කටයුතු සඳහා දිගින් දිගටම සහාය නොදීම සහ ඇතැම් අවස්ථාවලදී කටයුතු කඩාකප්පල් කිරීම, පරිපාලන දුර්වලතා මෙන්ම විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී ඇත.
මීට අමතරව, රජයේ රහසිගත සහ වැදගත් තොරතුරු විපක්ෂය ඇතුළු බාහිර පාර්ශ්ව වෙත ලබාදීම සම්බන්ධයෙන් ද ඇය පිළිබඳව සැකයක් මතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ අමාත්‍යවරයෙකු සඳහන් කළේ, ඇයව අදාළ තනතුරට පත්කළ අවස්ථාවේ සිටම විවිධ පාර්ශ්වවලින් ඒ පිළිබඳව බරපතළ විවේචන සහ චෝදනා එල්ල වී තිබූ බවයි.
පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා මෙම වෙනස සිදුකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.