මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයත් සහය දෙන බව විදෙස් මාධ්‍ය කියයි..

By Sithumi Jan 22, 2023 04:38 PM GMT
Sithumi

Sithumi

Report

 දරුණු මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2 යි 9 ක මූල්‍ය සහනයක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය මූල්‍ය සහතිකය චීනය විසින් ලබා දී ඇතැයි NDTV පුවත් සේවය වාර්තා කරනවා.  

එම පුවත් සේවය වාර්තා කළේ ඒ, ඉන්දියාව ඒ සඳහා සහය ලබාදීමෙන් දින කිහිපයකට පසුව බවයි. 

  ඒ සම්බන්ධයෙන් වන ලිඛිත අනුමැතිය චීනයේ එක්සිම් බැංකුව විසින් ඊයේ දිනයේදී ලබාදී ඇති බව ද එන් ඩී ටී වී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.