පාසල් සිසුන්ට සුභම සුභ ආරංචියක්..! ඔන්න හැමෝම පුදුම වෙන්නයි යන්නේ..

Sri Lanka Government of China Harini Amarasuriya Sri Lankan Schools School Children
By Sewvandhi Dec 10, 2024 01:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (10) ,චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය.

ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. එම අවස්ථාව ට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි, මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ.

සිලින්ඩරයෙන් කවුරුත් නොසිතූ විශේෂ තීරණයක්..!

සිලින්ඩරයෙන් කවුරුත් නොසිතූ විශේෂ තීරණයක්..!

රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදෙනු ඇත. මෙම නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අඛණ්ඩව සිදුකරන ලද අතර 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පාසල් නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීම සිදු කෙරුණි.

නැවතත් 2021 වර්ෂයේ සිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි දේශීය රෙදි පිළි නිෂ්පාදකයන් වෙතින් නිපදවා මිලදී ගැනීම සිදුකර තිබුණි.

නමුත් Covid-19 වසංගත තත්ත්වය මත රට මුහුණ දුන් ආර්ථික තත්ත්වය හමුවේ මහජන චීන සමුහාණ්ඩුව විසින් 2023 වර්ෂය සඳහා නිල ඇදුම් අවශ්‍යතාවයෙන් 70% ක ප්‍රමාණයක් ප්‍රදානයක් වශයෙන් හා ඉතිරි 30% ක ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත්තේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 30ක්

……………………………………………………………………

You may like this video 👇



ReeCha