සිසුන් රැසක් ජනප්‍රිය පාසල් වලට හොරෙන් ඇතුල් කරපු හැටි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද දින කොළඹ ගුරු මැදුරේදීය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ 2020 ජනවාරි 1 වැනිදා සිට 2022 මැයි 31 වැනිදා දක්වා කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව දරුවන් 2367 ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පසුගිය ඔක්තෝම්බර් මස නිකුත් කළ වාර්තාවෙන් හෙළි වී ඇති බවයි.
තවද එම මහතා ප්‍රකාශ කළේ විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරවත් දරුවන් ඇතුළත් කිරීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් ලිපි 3308 නිකුත් කර ඇති බවයි තවදුරටත් අදහස් දක්වමින් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ
එම නිකුත් කළ ලිපි වලින් 72% අමාත්යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපති ලේකම් කාර්යාලිය සහ අගමැති කාර්යාලය ඇතුළු නිලධාරීන් කර ඉල්ලීම් මත ලිපි නිකුත් කර ඇති බවත්,ඇතැම් ලිපි විධිමත් අයදුම් පත්‍රයක් නොමැතිව ඉදිරිපත් කර ඇති බවත් ළමුන් ඇතුළත් කිරීමේ ලිපිය නිකුත් කර ඇත්තේ දෙමාපියන්ට නොව ඉල්ලුම්කරුවන්ට බවට ද ඒ මහතා එහිදී සඳහන් කළේය.
