කොවිඩ් වැළඳුණු දරුවන්ට වැළඳෙන තවත් මාරක ලෙඩක් - මෙරටින් දැනටමත් 34ක්
කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට වැලඳෙන බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය හටගත් දරුවන් 34 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඉන් දරුවන් 21 දෙනෙකුටම රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබාදී ඇත.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළේ,
"අපේ දැඩි සත්කාර ඒකකවල දැනටත් එවැනි දරුවන් 5 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. මේ රෝගය යැයි සැක කළ දරුවෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගියා. මේ රෝගය වැලඳෙන්නේ කොරෝනා වැලඳිලා සති 2ත් 6ත් කාලයකට පසුව. රෝග ලක්ෂණ තමයි දැඩි උදර වේදනාව, වමනය, පාචනය, ඇස් රතුවීම, හම මතුපිට ඇතිවන රතු පැහැති තුවාල."
ඒ අනුව මේ රෝගී තත්ත්වය හඳුනා ගත් සැනින් දරුවා රෝහලක් කරා රැගෙන යෑම අත්‍යවශ්‍ය බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
You May Like This Video ?
කාන්තාවක් පල්ලිය තුළ සිදුකළ පාපතර වැඩේ.?