පහලොස් හැවිරිදි දැරිය දූෂණය කළ බව කියන නම් ලයිස්තුව බොරුවක් – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

Sri lanka Ajith rohana child harresment
By Sithumi Jul 13, 2021 02:08 PM GMT
Sithumi

Sithumi

Report

අන්තර්ජාලය ඔස්සේ පහලොස් හැවිරිදි දැරියක් මිලට ගෙද දූෂණය කළ බවට විවිධ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නම් ලයිස්තුව අමූළික බොරුවක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ශ‍්‍රී ලංකා නිව්ස් වෙත පැවසුවේය.

කිසිදු පදනමක් නොමැතිව මෙම නම් ලයිස්තුව ප‍්‍රකාශයට පත් කර ඇති බවත් අමූලික බොරු ලයිස්තුවක් අන්තර්ජාලයට නිකුත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේය.

විපක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීන් ඉලක්ක කරගෙන මෙම නම් ලයිස්තුව ඉදිරිපත් කර තිබුණි. දේශපාලඥයින්, විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයින්ගේ නම් මෙයට ඇතුළත් කර තිබුණි.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසුවේ මෙය අසත්‍ය ලේඛනයක් බවය. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ද යොමු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now