15 දැරිය අපයෝජන සිද්ධියේ තවත් පහක් රිමාන්ඩ්

Police sri lanka Sri lanka child harresment
By Sithumi Jul 03, 2021 04:23 PM GMT
Report

අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (3) නියෝග කළේය.   

සිද්ධියට අදාළ සැකකරුවන් 26 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.මෙහි වින්දිත දැරියගේ ජංගම දුරකථනයෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

 සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 16 දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවද එම කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම මෙම සිද්ධියට අදාළව හා කාන්තා කාර්යංශ අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.