15 හැවිරිදි දියණිය ගැබිණියක් කළ පියා

galle rape child haressment fifteen old mahamodara hosptal
By Sewvandhi Jun 12, 2021 05:03 AM GMT
Report

තම 15 හැවිරිදි දියණිය දූෂණය කළ පියෙකු ලබන 25 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබෙනවා.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ ගාල්ල, බූස්ස ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පස් දරු පියෙක් බවයි වාර්තා වන්නේ. දැරියගේ මව පියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන අතර දැරිය ද සිය මව භාරයේ සිට තිබෙනවා.

ඔවුන් ජීවත්වන නිවස අසලම පිහිටි නිවසක අදාල සැකකාර පියා තනිව ජීවත්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

අදාල දැරිය විසින් සිය පියාට තේ ගෙනගොස් දී ඇති අතර එහිදී අවස්ථා කිහිපයකදී ඇයව දූෂණය කර ඇති බවටයි පොලිසිය කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

දැරියගේ සිරුරේ වෙනස්විම් දුටු මව ඒ පිළිබඳ විමසීමේදී සිද්ධිය මවට පවසා ඇති අතර පසුව දැරිය මහමෝදර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සිදුකළ පරික්ෂා කිරීමේදී ඇය පස්මස් ගැබිණියක් බවට තහවුරු වී තිබෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now