සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් 'පොඩි ලැසී' ඉන්දියාවේ සිට මෙරට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.
රාජතාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත ඉන්දියාවේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.
පොඩි ලැසී 2024 වසරේදී දෙසැම්බර් 09වෙනිදා ඇප ලබා ගැනීමෙන් අනතුරුව ඉන්දියාව වෙත මුහුදු මගින් පළා ගොස් තිබේ.
ඉන්පසු 2025 වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඒ අනුව අද (27) අලුයම 05.55 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.
මෙසේ ලෙසින් රැගෙන ආ පොඩි ලැසී වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට කටුනායක ගුවන් තොටුපොළේ සිට දැඩි රැකවල් මධ්‍යයේ රැගෙන ගොස් තිබේ.