ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කළ බිහිසුනු සිදුවීම

Children's Day Child Abuse
By Sithumi Feb 26, 2023 04:22 PM GMT
Sithumi

Sithumi

Report

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ති‌බෙනවා.

අදාළ පුද්ගලයා පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

60 හැවිරිදි සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු බව පොලීසිය පවසන අතර අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණා.

බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියක් එම ළමා නිවාසයේ රැඳී සිට තිබෙන අතර එම දැරියට වයස අවුරුදු 18 ඉක්මවූ පසු පාලිකාවගේ නිවසේ රැඳි සිට පාසල් ගොස් ඇතැයි ද පරික්ෂණවලදී හෙළිවී තිබෙනවා. 

 එම දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසන අතර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය එම ළමා නිවාසයේ පාලිකාවද සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කර ති‌බෙනවා.