පොලිස් කණ්ඩායම් 6 ක් බදුර්දීන් නිවසේ අතවර සිද්ධීන් ගණාවක්ම

Corona virus Sri lanka covid 19 child abuse Badudeen
By Sithumi Jul 25, 2021 09:58 AM GMT
Report

හිටපු ඇමැති රිෂාඞ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් සහ තරුණියන් විශාල පිරිසක් විවිධ ලිංගික අතවරයන්ට සහ දැඩි හිංසනයන්ට ලක්වී ඇති බව කියන සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් පත්කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම පොලිස් කණ්ඩායම් විමර්ශන ක‍්‍රියාත්මක කර තිබේ. රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ආ දැරියන් සහ තරුණියන් එකොළොස්දෙනෙක් පිළිබඳව මේ වන විට තොරතුරු පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ රැගෙන ආ තරුණියක් රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනා විසින් දූෂණය කළ බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. 

මේ අතර හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියක් දුම්රියකට පැන දිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ක‍්‍රියාත්මක කර ඇත.