14 හැවිරිදි දැරියකට හතරක් වරින් වර සිදුකළ අහස පොළොව නුහුලන අපරාධය - දැරිය සියල්ල හෙළි කරයි.. 80 හැවිරිදි සීයත් ඒ අතර..
අවුරුදු 14 ක් වයසැති දැරියක් වරින් වර අපයෝජනය කළ ඇගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරගහහේන පොලිසිය විසින් ය.
මව් පිය රැකවරණ අහිමි එම දැරිය අපයෝජනය කළ තවත් කිහිපදෙනෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අදාළ දැරිය හොරණ මොරගහහේන ප්‍රදේශයේ සිය මිත්තණියගේ භාරයේ සිට ඇත.
ඇයව අපයෝජනය කිරීමේ සිද්ධියට අවුරුදු 80 ක් වයසැති එම දැරියගේ සීයා කෙනෙකු ඇතුළු තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට පත් සෙසු දෙදෙනා එම දැරියගේ නැන්දාගේ සහ ලොකු අම්මාගේ දරුවන් වේ.
අපයෝජනයට ලක් වු දැරියගේ මව දැරිය කුඩා කලදීම විදේශගත වී තිබෙනවා.
එමෙන්ම දැරියගේ පියා වෙනම ජීවත්වන බව දැරිය භාරව සිටි මිත්තණිය කියා සිටියේ ය.
අසල්වැසියෙකු විසින් ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිලි මෙන්ම ඒ සම්බන්ධයෙන් දැරියගේ පාසලේ ගුරුවරුන්ද මිත්තණියගෙන් කරුණු විමසා තිබුණේ ය.
ඒ අනුව පොලීසියට ලද පැමිණිල්ලට අනුව දැරිය පොලිසියට ගෙන්වා කළ ප්‍රශ්න කිරීම්වල දි මෙම අපයෝජන සිද්ධීන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එහිදී එම දැරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ සබඳතාවක් පවත්වාගෙන යන බවත්, ඔහු රාත්‍රි කාලයට එම නිවසට පැමිණෙන බවත් දැරිය පොලිසිය හමුවේ කියා ඇත.
ඒ අනුව පසුව ක්‍රියාත්මක වු පොලිසිය විසින් පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
