වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිරින්
පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු සහ චිකුන්ගුන්යා වැනි ආසාත්මික රෝගයන් බසනාහිර පළාත තුළ ව්‍යාප්ත වන අයුරු ව්‍යාප්ක වීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා අනාවරණය කළා.
විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම රෝග ව්‍යාප්තිය දැඩිව වාර්තා වී තිබේ. චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයන්ගේ මුල් අදියරේදී උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය වැනි සමාන ලක්ෂණ පවතින බැවින්, මේවා දිගු කාලයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය.
ඇඟපත වේදනාව චිකුන්ගුන්යා රෝගයේදී විශේෂයෙන් වැඩි වශයෙන් දැනෙයි. ඒ නිසා, අහිතකර වේදනා නාශක භාවිතයෙන් වලකිමින්, උණ සහ වේදනාව සඳහා ආරක්ෂිත ලෙස පැරසිටමෝල් භාවිතා කළ යුතු බවත්, වෙනත් ඖෂධ භාවිතයෙන් බරපතල පසුවන බලපෑම් ඇති විය හැකි බැවින් එවැනි භාවිතයන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, දියහදුනීම වළක්වා ගැනීම සඳහා ජලය, පළතුරු යුෂ, කැඳ, ජීවනි වැනි ලවණ සහිත පානවල පරිභෝජනයද අතිශය වැදගත් බව ඔහු සඳහන් කළා.
වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේ, රෝග ලක්ෂණ පමණක් අනුව ඩෙංගු හා චිකුන්ගුන්යා වෙන් කර හඳුනා ගැනීම අපහසු වන බැවින් නිවැරදි රෝග නිශ්චයයක් සඳහා වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය වන බවයි.
අවසානයට, චිකුන්ගුන්යා ආසාදනයෙන් පසු ඇතැම් පුද්ගලයන්ට දීර්ඝ කාලීනව හන්දි වේදනාව වැනි ප්‍රතිඵල පවතින බැවින් එවැනි අවස්ථාවලද වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමත්, නිසි ප්‍රතිකාර ලබා ගැනීමත් අත්‍යවශ්‍ය බව වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා අවධාරණය කළේය.
