ගුරු සිසු ඛේදවාචක තවත් වැඩිවෙයි...ගුරුවරයා දුන් දඬුවම නිසා සිසුවෙක් කාමිනාශක බීලා

Report

පාසලක ගුරුවරයෙක් දඬුවම් කිරීමෙන් පසුව ශිෂ්‍යයා නිවසට ගොස් කෘමිනාශක පානය කළ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඒ යාපනයේ පුත්තූර් ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකු විසින් දඬුවම් කිරීමෙන් පසුව බව සඳහන්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලද වැඩිදුර තොරතුරු අනුව අඳාළ ශිෂ්‍යයා පුත්තූර් ප්‍රදේශයේ තිබෙන පාසලක අධ්‍යාපනය ලබයි.

එහිදී ගුරුවරයාගේ අවසරයක් නොමැතිව ක්‍රීඩා උත්සවයකට සහභාගී වීම නිසා ගුරුවරයා ඔහුට දඬුවම් කර තිබෙනවා.

මේ සිදුවීමෙන් කළකිරීමට පත් වූ සිසුවා දිනය පුරා මේ පිළිබඳ කල්පනා කරමින් සිටි බව පවසයි.

පසුව නිවසට ගිය පසු ඔහු විසින් කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් නිවසේ තබා තිබුණු කෘමිනාශක පානය කර තිබෙන බවට වාර්තා වේ.

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට සහ අධ්‍යාපන ආයතනවලට විශේෂ නිවේදනයක්

ඉන්පසු නිවැසියන් එක්ව සිසුවාව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇත. මෙසේ රෝහල් ගත කර ඇති සිසුවා සාමාන්‍ය පෙළ පන්තියේ අධ්‍යාපනය ලබන්නෙක් බව සඳහන්.

එසේම ඔහුට දඬුවම් කළ ගුරුවරයා මින් පෙර ද පෞද්ගලික අධ්‍යාපන ආයතනයක සිසුවෙකුට පොල්ලකින් පහර දුන් බවට චෝදනා ලබා ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් අඳාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමා නිවාඩුවක සිටින බවයි.

එසේම ගුරුවරයා සිසුවාට බැන වැදුණු බවත් ඉන්පසු ඔහු නිවසට ගොස් කෘමිනාශක පානය කළ බවත් පමණක් තමා දැනගත් බවත් ඔහු කියා ඇත. 

ඛේදවාචකයක් වූ මධ්‍යම අධිවේගය...

ඛේදවාචකයක් වූ මධ්‍යම අධිවේගය...