මං තාමත් චතුරිට ආදරෙයි මියගිය පෙම්වතිය ගැන පෙම්වතා කළ පාපොච්චාරණය..

Attempted Murder Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jan 21, 2023 05:08 PM GMT
Sithumi

Sithumi

Report

වෙන කෙනකුට අයිති වෙන්න දෙන්න බැරි නිසා එයාවත් මරල මාත් මැරෙන්න තීරණය කළා සැකකාර පෙම්වතා පාපොච්චාරණය කරයි ගෙවල්වල අය සම්බන්ධය දන්නේ නෑ අපි දහසක් සිහින දැක්කා ඒත් එයා වෙනස් වෙන්න ගත්තා “ප්‍රේම සම්බන්ධය නතර කරමු කියලා චතුරි කිව්වම මට ඒක දරාගන්න බැරි වුණා. එයා වෙන කෙනකුට අයිති වෙන්න දෙන්න බැරි නිසා එයාගෙ ජීවිතේ නැති කරල මමත් ජීවිතෙන් සමුගන්න තීරණය කළා”

 යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත. කොළඹ තුරඟ තරග පිටිය අසලදී සැකකාර පෙම්වතා විසින් සිය පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇය ඝාතනය කර තිබුණේ පෙරේදා (17 දා) දහවල් 12.30 ට පමණය.  

පොලිසිය හමුවේ තවදුරටත් පාපොච්චාරණය කළ සැකකාර පෙම්වතා මෙසේද කියා සිටියේය. අපි දෙන්න අතරේ අවුරුද්දක විතර ඉඳලා ප්‍රේම සම්බන්ධයක් තිබුණා. චතුරිගෙ ගෙදර අයවත් අපේ ගෙදර අයවත් මේ සම්බන්ධය ගැන දැනගෙන සිටියේ නැහැ. මම එයාට පණ වගේ ආදරේ කළා. අපි දෙන්නා අනාගතේ ගැන දහසක් සිහින මැව්වා. ඒත් ටික දවසක ඉඳලා එයා වෙනස් වෙන්න ගත්තා. ආදර සම්බන්ධය නතර කරමු කියලා එයා බල කළා. එයාට වෙන සම්බන්ධයක් තිබුණෙත් නැහැ. මට සිතාගන්න බැරුව ගියා.  

ඇයි එහෙම කළේ කියලා. මං දන්න හැම විදිහටම කිව්වා මේ සම්බන්ධය නතර කරන්න එපා කියලා. ඒත් එයා ඒක ඇහුවේ නැහැ. මට දරාගන්න බැහැ එයා වෙන කෙනෙක් එක්ක යනවා දකින්න. මම තීරණයක් ගත්තා. මං එයාව වෙන කෙනකුට අයිති වෙන්න දෙන්නෙ නැහැ කියලා තීරණය කළා. මේ ගැන කතා කරගන්න මං චතුරිට එන්න කිව්වා. අපි දෙන්නා තුරඟ තරග පටිය අසලදී හම්බවුණා. මං තීරණයක් අරගෙන හිටියේ. එතැනදී මං එයාගෙ ගෙල කපා දැම්මා. 

 මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. ජීවිතයෙන් සමුගන්න මම කැළණි ගඟට පනින්න තීරණය කළා. ඒත් ඊට කලින් පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. මං තාමත් චතුරිට ආදරෙයි යැයි සැකකාර පෙම්වතා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේය. 

උපුටා ගැනීම

හේමන්ත රන්දුණු