ලංකාවටම පුදුම හිතෙන ආරංචියක් - චමරි අතපත්තු ගැන ICCයෙන් දැනුම්දීමක් මෙන්න.(PHOTOS)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණි ගතකිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.
ඇය ශ්‍රේණි ගතකිරීම්වල හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක් වේ.
මීට පෙර එක්දින ශ්‍රේණි ගතකිරීම්වල පළමු ස්ථානය හිමිකරගෙන සිටියේ එංගලන්ත කණ්ඩායමේ නැටලි ස්කයිවර් බ්‍රන්ට් වේ.
කෙසේ වෙතත්, ඊට පෙර පසුගිය වසරේ දී ද චමරි අතපත්තු මෙම ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය හිමිකරගෙන සිටියේ ය.

