මෙතෙක් ලංකාවට තිබූ අංක 01 අහිමි වෙයි..දැන් හිමිවූ තැන මෙන්න..

Cricket Sri Lanka Cricket Chamari Athapaththu
By Aruna Jan 31, 2024 05:45 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්හි පහළට වැටී තිබෙන බව වාර්තා වනවා.

මේ අනුව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇය එක්දින සහ විස්සයි 20 යන අංශ දෙකෙන්ම පහළට වැටී තිබේ.

ඒ අනුව එක්දින පිතිකාරියන් අතර පළමු ස්ථානය රැකගෙන සිටි ඇයව අංක දෙකට තල්ලු කරමින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නැටලි සීවර් බ්‍රන්ට් අංක එකට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 807ක් ලබමින් වීම ද විශේෂත්වයක්.

මේ අනුව චමරි අංක දෙකට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 736ක් ලබමිනි.

මීට අමතරව විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරියන් අතර චමරි අංක 08 දක්වා පල්ලම් බැස ඇති අතර, ඇයට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 675කි.

එහි පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 766ක් ලබා සිටින ඔස්ට්‍රේලියාවේ බෙත් මූනිය.

චමරි මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි පල්ලම් බැස තිබුණේ 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු නම් කර තිබෙන පසුබිමක වීම ද විශේෂත්වයකි.

අයිසීසීය මීට පෙර චමරි අතපත්තුව වසරේ විස්සයි20 කණ්ඩායමට සහ වසරේ එක්දින කණ්ඩායමට නම් කර තිබුණු අතර, එම කණ්ඩායම් දෙකේම නායකත්වයද පවරා තිබුණු පසුබිමකයි.

Sponsored By Sarrita Jewellery

මෙතෙක් ලංකාවට තිබූ අංක 01 අහිමි වෙයි..දැන් හිමිවූ තැන මෙන්න.. | Chamari Athapaththu


ReeCha