මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.

By Wayomi Nov 27, 2024 03:37 AM GMT
Report

 මහ බැංකුව බිලියන 330ක් සොයා බැදුම්කර විකුණයි. - මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට අවස්ථාව. - අවම මුදල මෙන්න.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ රුපියල් බිලියන 205ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම හෙට දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 125 පහක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කරනු ලබනවා.

මහ බැංකු හදිසියේම වෙනස් කළ නව පොලී අනුපාත ක්‍රම‍ය අද සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

මහ බැංකු හදිසියේම වෙනස් කළ නව පොලී අනුපාත ක්‍රම‍ය අද සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

‘ෆෙංගල්’ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ශ‍්‍රී ලංකා සීමාවට ඇතුල් වේ. - නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න.(නිවේදනය / VIDEO )

‘ෆෙංගල්’ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ශ‍්‍රී ලංකා සීමාවට ඇතුල් වේ. - නිකුත් කළ නවතම රතු නිවේදනය මෙන්න.(නිවේදනය / VIDEO )

ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි.

මෙහිදී පොලිය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලබයි.

එමෙන්ම ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකියි.

වෙළෙඳපොල තත්ත්වයන් මත, මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ප්‍රමාණය ඉක්මවා නොයන පරිදි, එක් එක් පරිණත කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද ප්‍රමාණයන්ට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබිය හැකියාව ලැබේ.

එමෙන්ම අපේක්ෂිත ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා ද්වීතියීක වෙළෙඳ පොළෙන්ද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

You may like this video 


GalleryGallery